Tuesday, April 10, 2018

දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි


දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි යන ගීතයේ මුල් පද පේලි දෙක ඇසෙත්ම සිහියට නැගෙනුයේ චාල්ස්ඩයස් ශුරින්ගේ පද්මාවති නූර්තියයි. පද්මාවති නූර්තිය පිළිබද අසා නොමැති තැනැත්තෙකුට වුවද පද්මාවති යන නම ඇසු සැනින් සිහියට නැගෙන්නේ සංජය ලීලා බන්සාලිගේ පද්මාවති චිත්‍රපටයයි.

මෙම කතා දෙකෙහිම කියවෙන පද්මාවතිය නම් එකම තැනැත්තියකි. එසේ නම් කවු ද මේ පද්මාවතිය ?

                                       පද්මාවතිය ලෙස දීපිකා පදුකෝන්
                                          චිතෝර් හි බලකොටුව
                                          සංජය ලීලා බන්සාලි
                                       රන්වීර් සිං,  දීපිකා පදුකෝන්, සාහිඩ් කපුර්

ක්‍රි. ව 1540 වර්ෂයේදි  සූෆි කවියෙකු වු මලික් මුහම්මද් ජායසි විසින් රචනා කරන ලද පද්මාවති කාව්‍ය යි. මෙම පද්මාවති කාව්‍යයට මුල් වු පද්මාවතිය පිළිබදව එහි කියවෙන කතාන්දර සැකවින් මෙසේ ය.

සිංහල දේශයේ අතිශය රූමත් කුමාරිකාවක් වු පද්මාවති ය පිළිබදව තොරතුරු දේශ දේශාන්තරයේ පැතිර ගිය අතර මෙම කුමරිය පිළිබදව තොරතුරු කථා කරන ගිරවකු මගින් දැනගන්නා චිතෝර් හි රතන් සිං රජු ඇයව විවහා කර ගැනීමේ අරමුණින් සිංහල දේශයට පැමිණේ. රතන් සිං රජු ඇයගේ සිත් දිනා ඇය විවහා කර ගෙන නැවත සිය රාජධානිය වු චිතෝර් වෙත යනු ලබයි. මේ අතර දිල්ලියේ පාලකයා වු සුල්තාන් අලවුදින් ඛල්ජි චිතෝර් ආක්‍රමණය කරන අතර මේ සටනින් රතන් සිං පරාජයට පත් විය. සිය ගෞරවය රැක ගැනීමේ අරමුණින් පද්මාවති රැජිණි ය ප්‍රමුඛ කාන්තාවන් ජවුහාර් හෙවත් සති පූජාව පවත්වමින් සිය දිවි හානි කරනගන්නා ලදි.

මෙම සතිපූජාව පවත්වා රාජ්පුත්වරුන්ගේ ගෞරවය රැක ගැනීමට කටයුතු කළ කාන්තාවක් වු පද්මාවති රැජිණ පිළිබදව රාජස්ථානයේ ජනයා පිළිබදව ඇත්තේ අතිමහත් වු භක්තියාදරයකි. ඇය කාන්තා ගෞරවයේ ප්‍රතිමූර්තියක් ලෙස සළකනු ලබන්නේ ය.

මේ අතර පද්මාවතිය පිළිබද කතාව අලලා චිත්‍රපටයක් ඉන්දීය බොලිවුඩ් සිනමාවේ කෘත හස්ත අධ්‍යක්ෂවරයකු වන සංජය ලීලා බන්සාලි විසින් නිර්මාණය කරනු ලබයි. මෙම චිත්‍රපටයේ පද්මාවතියගේ චරිතය රග දක්වනු ලබන්නේ සුරූපි දීපිකා පදුකෝන් විසින් ය. රතන් සිං රජුගේ චරිතය සහිඩ් කපූර් විසින් ද අලවුදීන් ඛිල්ජිගේ චරිතය රන්වීර් සිං විසින් ද රග දක්වනු ලබයි.

මෙම චිත්‍රපටය රූගත කිරීමේ අවස්ථාවේ සිට සිනමාගත කිරීම දක්වා කාලය තුල ඉන්දීය සමාජය තුල කලහාකාරි ලෙසින් හැසිරෙමින් විරෝධතා අරගල ඇති වී තිබේ. මේ සදහා හේතුව වශයෙන් සදහන් කරන්නේ රාජ්පුත්වරුන්ගේ ගෞරවය පාත්‍රවු පද්මාවති රැජිනට අපහසවන අන්දමින් චරිත නිරූපනයක් සිදු කර ඇති බවයි. මෙම විරෝධතාවල පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබුවේ  රාජ්පුත් කර්නි සේනා නම් වු රාජස්ථානයේ ක්‍රියාකාරි සංවිධානයකි.

පද්මාවති චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වු විරෝධතා කෙසේ වෙතත් මෙහිදි අපගේ අවධානය යොමු කරන්නේ පද්මාවතිය සැබවින්ම සිංහල දේශයේ කුමාරිකාවක් ද යන්න පිළිබදවයි. පද්මාවති නූර්තියේ පද්මාවතිය පිළිබදව වර්ණනා කරන ගීතය අසන කෙනෙකුන්ට පද්මාවතිය කෙතරම් සුරූපිණියක් ද යන්න වැටහේ.


ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
ලාලාටේ චන්ද්‍රයා සේ පෙනේ//
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මේඝ‍ සෙ‍ කේ‍සා‍වේ‍ ඇ‍ගේ‍ ග්‍රී‍ව‍ සක් සේ වේ//
අහො ඈගේ ග්‍රීව සක් සේ වේ
ලමැද හංසයින්සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ
මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ
අහො ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ලමැද හංසයින් සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

සිංහල නාට්‍යාවලියේ ප්‍රශස්ත නාට්‍ය ගීතයක් වන පද්මාවති නාට්‍ය ගීතය රසවිදින්නෙකු හට දෙවගනකගේ රූප සොබාවක් පද්මාවතිය කෙරෙන් දිස්වන බව සිතෙනු ඇත.

සැබවින්ම පද්මාවතිය සිංහල දේශයේ කුමරියක් ද?

මෙය මතභේදාත්මක සහ විවාදයට තුඩු දී ඇති කරුණක් වේ. ඇති තතු එලසින් දැක්වීමට මෙම ලිපිය තුලින් පෙන්වාදීමට උත්සහ දරනු ලැබේ. නමුත් මේ සදහා තිබෙන්නා වු මූලාශ්‍ර ප්‍රමාණවත් නොවේ.

            එච්. ඩබ්ලිව් කෝඩ්රිංටන්ගේ සංෂිප්ත ලංකා ඉතිහාසය නැමති ග්‍රන්ථයේ මේ සම්බන්ධයෙන් තොරතුරු සදහන්ව ඇත. ඔහු පවසන පරිදි 1275 දි පමණ චිතෝර් නම් ප්‍රදේශයේ රාජ්‍ය පරිපාලනය කළ කුමාරයා සරණ බන්ධනයට පත් වන්නේ ලංකා කුමාරියක් වු පද්මිණි කුමරිය සමගින්ය . මෙම කුමරියගේ පියා හමිර් සාන්ක් නැමැත්තාය. මොහු ලංකාවේ රජු යටතේ තිබු වැටුප් ලබමින් සේවය කළ රාජ්පුත් කුලී හමුදාවේ ප්‍රධානිය වේ. කොඩ්රිංටන් පවසන පරිදි පද්මිණි කුමරිය රාජ්පුත් වංශිකයෙකි.

            එසේම ලංකාවේ රාජ්පුත් ජනයා නමින් ශාස්ත්‍රීය ලිපියේ කරුණු දක්වමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් ප්‍රකාශ කරනුයේ මාලික් මුහම්මද් ජයාසි කවියා සිය පද්මාවති කාව්‍ය සංග්‍රහයේ සදහන් කරන ස්වකීය රූප ලාවණ්‍යයෙන් සහ පතිව්‍රතා ඥාණයෙන් ලෝකය විස්මයට පත් කළ කුමරිය ලංකාවේ සිටි වෞහාන් රාජ්පුත් වංශික කුමරකුගේ දුවණියක් බවයි.

            රාජකීය ආසියතික සංගමයට ලිපියක් ඉදිරිපත් කරන මහාචාර්ය විමල විජේසූරිය මහතා ප්‍රකාශ කරනුයේ යටත් පිරිසෙන් පොළොන්නරු යුගයේ අවසාන භායේ සිටවත් මෙරට රාජකීයන් විසින් රාජ්පුත්වරුන් හමුදා සෙන්පතියන් , සෙබළුන් වශයෙන් වැටුප් ගෙවමින් සේවයේ යෙදවු බවයි.

            එසේම මිණිපේ ප්‍රදේශයෙන් හමුවන ටැම් ලිපියක භාමීරා යනුවෙන් සදහන් සෙන්පතියකු පිළිබදව සදහන්ව ඇත. ඔහු එම ප්‍රදේශයේ වු බලකොටුවක අණදෙණ නිලධාරියා වශයෙන් කටයුතු කළ අතර ඇතැම් ඉතිහාසඥයින් ප්‍රකාශ කරන පරිදි ඔහු භාමීරා යනුවෙන් හැදින්වුවත් මෙකළ රජවරුන් යටතේ සේවය කළ රාජ්පුත් වංශික සෙන්පතියකු සහ ඔහුගේ සැබැ නම  හමීර් සානක්  බවයි. හමීර් සානක් යනු පද්මාවති කුමරියගේ පියා වශයෙන් සැළකෙන රාජ්පුත් සෙන්පතිවරයා ය.

            මෙම තොරතුරු සළකා බලන විට අපට එක හෙලාම ඉන්දියානු කතාන්දරයේ සදහන්වන ලංකාවෙන් ගිය පද්මාවතිය මෙරට සේවය කළ රාජ්පුත්වරයකුගේ දියණියක් බව පැවසිය නොහැකි වේ. නමුත් මලික් මහමුද් ජයාසි විසින් සදහන් කරන සිංහල දේශයේ කුමාරිකාව මැයම නොවන බවත් කිව හැක්කේ කා හට ද?.

ඇතැම් විට හාමිර් සානක් යනුවෙන් හැදින්වු මෙරට සේවය කළ රාජ්පුත් වංශිකයාගේ සුරූපි දියණිය පිළිබදව රාජස්ථානයේ පවා කතා බහට ලක්ව තිබෙන්නට ඇත. ඒ අනුව චිතෝර් හි රතන් සිං විසින් ඇයව විවහා කරන ගන තිබේ. එසේ බලන විට සිංහල දේශයේ කුමාරිකාවක් ලෙසින්  හැදින්වුවත් සිංහල දේශයේ සිටි රාජ්පුත් කුමාරියක් ලෙසින් හැදින්විය හැකි වේ.

පද්මාවතියගේ ඓතිහාසික තත්ත්වය කෙසේ වෙතත් පද්මාවති යනු රාජ්පුත්වරුන්ගේ ගෞරවාදයට පත්වු රැජිනක් වේ. එසේම ඇය සිංහල දේශයේ ජීවත් වු කුමාරිකාවක් යැයි කීමත් ශ්‍රි ලාංකිකයන් වශයෙන් අපට ද සියුම් ආඩම්බරයකි.

No comments:

Post a Comment

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ ලිපියකින් දෙවන රාජසිංහ රජුට එරහිව නිල්ලඹදි ඇතිවු කැර...